දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ පරීක්ෂණය අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ පරීක්ෂණය අවසන්

දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ පරීක්ෂණය අවසන්

පසුගිය මැයි මස 5 වැනිදා ගාලුමුවදොර අරගලයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල ඊයේ(03) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවා තිබුණා.

එහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනවල නම් සඳහන් වී ඇති බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතු අවසන් කර ඇති බවත් එහි වාර්තා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙන බවත් සඳහන් කර තිබෙනවා.

 

views

266 Views

Comments

arrow-up