අනියම් පෙමක් දුරදිග ගොස් පුද්ගලයෙකු බස් නැවතුම්පොළේ දී ඝාතනය කරයි

මාතලේ අඹගහමුල බස් නැවතුම්පළ අතරෙදි ඊයේ පුද්ගලයෙකු පොල්ලකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 37ක් වන මාතලේ පහළ කොටසේ පදිංචිකරුවෙකු වන අතර අනියම් පෙම් සම්බන්ධතාවයක් මත ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් එම ඝාතන සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ උදෑසන පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව පහර කෑමට ලක් වූ පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර ඔහු ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව සිට තිබෙනවා.
සිද්ධිය සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
704 Views
Comments