නිවසේ ගෑස් සිලින්ඩරය පිපිරී විවාහක තරුණිය මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

නිවසේ ගෑස් සිලින්ඩරය පිපිරී විවාහක තරුණිය මරුට

නිවසේ ගෑස් සිලින්ඩරය පිපිරී විවාහක තරුණිය මරුට

පොලොන්නරුව, වැලිකන්ද, සඳුන්පිටිය ගම්මානයේ නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ මහ රෝහලේ දින 12ක් ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි විවාහක තරුණියක්   ඊයේ(25) සවස මියගොස් තිබේ.


මෙම අනතුරෙන් මියගොස් තිබෙන්නේ වැලිකන්ද සඳුන්පිටිය,  අංක 68 ලිපිනයේ පදිංචිව සිටි බී.ජී. අයේශා කුමුදුනි යන මෙලෙස මියගොස් ඇතැයි වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

 

පසුගිය 13 වන දින ඇය නිවසේ මුළුතැන් ගෙයි තිබූ ගෑස් උදුන දැල්වීමට යාමේදී එය දැල්වී නොමැති නිසා ගිනිකූරක් මගින් දැල්වීමට උත්සාහකිරීමත් සමඟ ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

 

සිදුවීම වන විට නිවසේ වෙනත් කිසිවෙකුත් නොසිට ඇති අතර අසල්වාසීන් පැමිණ ගෑස් ලිපෙන්  මුළුතැන්ගෙයි පුරා නැඟු‍ණු ගිනි නිවා දමා ඇයව වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

 

මේ සම්බන්ධ නිවැසියන් වැලිකන්ද පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් ඒ පිළිබඳව විමර්ශන කටයුතු අවසන් කර අද(26) අවසන් කටයුතු කිරීමට පවුලේ ඥාතීන්ට දේහය භාරදුන් බවත්  වැලිකන්ද පොලිස්  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා සඳහන් කළේය.

 

මියගිය තරුණියගේ පියා වන දිඹුලාගල පැළලටියාව අංක 481 ලිපිනයේ පදිංචි 51 වියැති බී. ජී. ජයසූරිය මහතා පැවසුවේ මෑතකදී ගන්නා ලද සිලින්ඩරයක් පුපුරා තම දියණියට මෙම අවාසනාවන්ත මරණය සිදුවූ බවයි.

 

මේ පිළිබඳ අදාල බලධාරීන්ගේ විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙසත් දෙදරු පියෙකු වන ජයසූරිය මහතා ඉල්ලා සිටියේය.

views

767 Views

Comments

arrow-up