විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව අසාද් සාලි නිදහස් කරන්න යයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව අසාද් සාලි නිදහස් කරන්න යයි

විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව අසාද් සාලි නිදහස් කරන්න යයි

කොළඹ මහාධිකරණය නියම කර ඇත්තේ අසාද් සාලි මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවෙන් ඒ මහතා විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව නිදහස් කරන්නේ ද? නැද්ද? යන තීන්දුව දෙසැම්බර් මස 02 වනදා ප්‍රකාශයට පත්කරන බවයි.

 

ආගමික කණ්ඩායම් අතර ගැටුම්කාරී හැඟීම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි ඔහු ට චෝදනා එල්ල වී තිබේ.

 

මෙම නඩුව ඊයේ (19) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

 

එහිදී පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් කෙරුණි.

 

අනතුරුව විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරු නිදහස් කරන්නේ ද? නැද්ද? යන නියෝගය දෙසැම්බර් මස 02 වනදා ප්‍රකාශයට පත් කරන බව විනිසුරුවරයා නියෝග කළා.

views

740 Views

Comments

arrow-up