වයස අවුරුදු 3ක දරුවාගේ කාම දෝෂය දුරු කරන්න කට්ටඩියාව කාන්තාවන් සමඟ යහන්ගත කරවූ මව අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
13

වයස අවුරුදු 3ක දරුවාගේ කාම දෝෂය දුරු කරන්න කට්ටඩියාව කාන්තාවන් සමඟ යහන්ගත කරවූ මව අත්අඩංගුවට

වයස අවුරුදු 3ක දරුවාගේ කාම දෝෂය දුරු කරන්න කට්ටඩියාව කාන්තාවන් සමඟ යහන්ගත කරවූ මව අත්අඩංගුවට

වසර තුනක් වයසැති තම සිඟිති පුතුගේ කාමයක්ෂ දෝෂය දුරු කිරීමට කට්ටඩියාගේ නියමය පරිදි දරුවා සමඟ පැය දෙකක කාලයක් පුරාවට යහන් ගතවීමට අවුරුදු 30ට අඩු එක් කාන්තාවක් සඳහා රුපියල් දසදහස බැගින් මුදල් ගෙවා රැගෙන යෑමට යෝජනා කළ එක්දරු මවකට එරෙහිව වාරියපොල ඉමියන්ගොඩ ප්‍රදේශයේ කාන්තාවන් තිදෙනකු පසුගියදා වාරියපොල පොලිසියට පැමිණිලි කර ඇත.

 

සෘෂිවරයෙකු යැයි කියාගන්නා දැරණියගල ප්‍රදේශයේ වෙසෙන පුද්ගලයෙකු තමන්ගේ මනසට සියළු සිදුවීමි දෘශ්‍යවන බව පවසමින් ඔහුගේ නියමය මත ඔහුගේ පුත්‍රයා විසින් දරුවාට වැළදී තිබෙන කාමයක්ෂ අමනුෂ්‍ය දෝෂය ඉවත්කර දරුවා සුවපත් කිරීමට අවුරුදු 30ට අඩු වයසැති කාන්තාවක් සමඟ මසකට වරක් පැය දෙකක කාලයක් යහන්ගතවීම සිදුවිය යුතුයැයි දරුවාගේ දෙමාපියන්ට පවසා තිබේ. 

 

දරුවාගේ කාමයක්ෂ දෝෂය දුරුකිරීම සඳහා වසරක පමණ කාලයක් පුරාවට යකැදුරා මෙසේ වාරියපොළ ප‍්‍රදේශයේ නියමිත ස්ථානයකදී දරුවාගේ මව සොයාදෙන කාන්තාවක් සමඟ යහන්ගතවී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

views

51334 Views

Comments

arrow-up