හලාවත වෙරළට ගොඩ ගැසූ සිඟිති දැරිය නතාෂාගේ මරණයේ අභිරහස - මව්පියන් කියන ඇදහිය නොහැකි කතාව මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
06

හලාවත වෙරළට ගොඩ ගැසූ සිඟිති දැරිය නතාෂාගේ මරණයේ අභිරහස - මව්පියන් කියන ඇදහිය නොහැකි කතාව මෙන්න

හලාවත වෙරළට ගොඩ ගැසූ සිඟිති දැරිය නතාෂාගේ මරණයේ අභිරහස - මව්පියන් කියන ඇදහිය නොහැකි කතාව මෙන්න

2019 වෙසක් මස දාහත් වැනි දින මෙලොව එළිය දකින උත්තමාවඩු තමාෂා රොෂෙලි දැරිය වයස අවුරුදු තිහක් වූ උත්තමාවඩු රංජිත් කුමාර සහ අවුරුදු 25ක් වූ කුලකුරුසූරිය චලනි නතාෂාගේ දියණියයි.

 

පියා වන රංජිත් ව්‍යාපාරිකයෙක් වන අතර ගාල්ලේ සිට මීගමුවට මසුන් ප්‍රවාහනය කර තොග වශයෙන් විකිණීම  ඔහුගේ රැකියාව විය.

 

ඔහු දිනක් මීගමුව වෙරළ තීරයේ මුන්නක්කරය ගම්මානයේ තැපැල් කාර්යාලයට ගියේ පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහාය.

 

එහිදී ඔහුගේ අවශ්‍යතාවය ඉටු කර දෙන්නේ තැපැල් කාර්යාලයේ නතාශාය. එම කටයුත්ත අතරතුර ඔහුගේ සිත ඇය වෙත ඇදී යන අතර අනතුරුව තැපැල් ගනුදෙනුව ආදර ගනුදෙනුවක් බවට පත්විය.

 

ටික කාලයකින් ඔවුන් දෙදෙනාගේ ආදර සම්බන්ධය නිවැසියන්ට දැනුම් දීමෙන් අනතුරුව එක වහලක් යටට ඔවුන් පැමිණීමට කටයුතු කරන්නේ මීට වසර හතරකට පමණ පෙරය. 

 

ඔවුන් පැමිණෙන්නේ අම්බලන්ගොඩ බටපොල රංජිත්ගේ නිවසටය.

 

කල් යත්ම තමාෂා රොෂෙල් දියණියද මෙලොව එළිය දුටුවාය.

 

ව්‍යාපාරික කටයුතු වල පහසුවට කුලී පදනම යටතේ මුහුදු වෙරළ අසළ තවත් නිවසක් සොයා ගත් ඔවුන් එහි පදිංචියට ගියේ මෙම සිදුවීම සිදුවීමට මාස දෙකකට පෙරය.


අවුරුදු දෙකයි මාස තුනක් වයස වූ සිඟිති දියණිය දුව පැන යන වසයේ පසුවිය.

 

ඇය නිරතුරු මුහුද දෙසට යන්නට උත්සාහ කල අතර මව්පියන්ටද ඇවිටිලි කළාය.

 

එහෙත් මව්පියන් ඊට ඉඩ ලබා නොදුන්නෝය.

 

පසුගිය 18 වනදා හවස තුනයි තිහට පමණ නිල්පාට ඩෙනිම් කොට කලිසමක් හා සුදු පාට ටී ෂර්ට් එකකින් සැරසී සිටි තමාෂා වෙනදා මෙන් සුපුරුදු පරිදි නිවසේ දුව පනිමින් සිටියාය.

 

රංජිත් දර තොගයක් මැස්සට දැමීමට සකස් කරමින් සිටියේ බිරිඳත් සහය ඇතිවයි.

 

දෙදෙනාම වැඩ කරන අතරේ දියණිය කෙරෙහිද අවධානය යොමු කළ අතර කාර්යබහුල වීම මැද එය ඔවුන්ට අමතකම විය.

 

ඇය පෙනෙන්නට නොසිටි අතර ගේමිදුලෙත් නැති ඇයව සොයා ඔවුන් මුහුද දෙසට ගිය අතර දැල්වලින් අසුරා තිබුණද එක් තැනකින් දියණියට යටින් රිංගා ඇති බවක් හැඟු‍ණේ අඩි සළකුණු නිසාවෙනි.

 

වෙරළේ රැඳි සිටි කාන්තාවක් ඔවුන්ගේ දියණියගේ වයසේ දැරියක් හා තවත් දරුවෙකු සමඟ නිසොල්මන්ව බලා සිටිනු දැක ආසන්නට ගිය මව ඇගෙන් දියණිය ගැන ඇසුවාය.

 

“මම දැක්කා පොඩි ළමයෙක් මූහුදේ ගහගෙන යනවා හරියට අපේ දුව වගේ මට හිතාගන්න බැරිව ගියා අඩු ගානේ කෑ ගහන්න තරම්වත් ශක්තියක් තිබුණේ නැහැ මට”‍

 

ඒ ආසන්නයේ සිටි පිරිමි අයෙකු සිටි ද ඔහු යම් මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බවට දැන ගැනීමට ලැබුණි.

 

ඉන් පසුව නාවුක හමුදාවේ කිමිදුම් කරුවන් සොයා දියණිය සෙවීමට උත්සාහ කළද මුහුදේ රළු තත්ත්වය මත එම උත්සාහය අසාර්ථක විය.

 

දින කීපයක් තිස්සේ හඬා වැටුණු මව්පියන්ට කොයි තරම් සෙව්වද දරුවා සොයා ගැනීමට නොහැකි වූ අතර අනතුරුව ඔවුන් මුහුණු පොතටද ඡායාරූප මුදා හැරීමට කටයුතු කලහ.

 

දින හතරකට පසු හලාවත, අඹකඳවිල ප්‍රදේශයේ අයෙකුගෙන් දියණියගේ මව වන චලනිගේ දුරකතනයට ඇමතුමක් ලැබුණේ කුඩා දරුවෙකුගේ සිරුරක් ගොඩ ගසා ඇති බව පවසමිනි.

 

වෙරළට ගොඩ ගසා තිබුණේ ඇගේ සිරුර වූ මුත් ඇඳ සිටි ඩෙනිම නොතිබුණු අතර සුදු පැහැති ටීෂර්ටය පමණක් තිබුණි. 

 

එනම් යටි කය නිරුවත්ව පැවතුණු අතර හඳුනා ගැනීමට නොහැකි තරමට සිරුරේ ඇතැම් කොටස් ක්ෂය වී තිබිණ.

 

තමාෂා රොෂෙලි මුහුද දෙසට දිව යන තුරු ඒ දෙස බලා අසළ සිටි කාන්තාව ඇය වැළැක්වීමට උත්සාහ නොකළේ ඇයි? මන්දමානසික පුද්ගලයෙකු සිටීම හේතුවෙන් කිසියමක් ආකාරයේ සිදුවීමක් වූවාද යන්න මව්පියන්ට ප්‍රශ්නයක් විය.

 

මෙයින් ලැබෙන ආදර්ශය නම් දරුවන් කෙරෙහි නිරන්තර අවධානය යොමු කිරීම අතිශය වැදගත් වන බවයි.

views

8001 Views

Comments

arrow-up