OCT
30
අතුරුදන්වූ පොලිස් නිලධාරියෙකුගේ සිරුර ගම්පොළ රෝහලේ ජල ටැංකියක

කොරෝනා ආසාදිතව සිටියදී අතුරුදන් වූ කොත්මලේ පොලීසියේ සැරයන්වරයාගේ සිරුර ගම්පොළ මූලික රෝහලේ ජල ටැංකියක් තුළ තිබි අද සොයා ගත්තා.
අඩි 40ක් පමණ උසකින් පිහිටා ඇති ටැංකියේ ජලයෙන් දුගඳක් හැමීම හේතුවෙන් සිදුකළ පරීක්ෂාවකදියි සිරුර සොයාගෙන තිබුණේ.
මියගිය පොලිස් නිලධාරියා – පූඩලුඔය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57 ක් වන තුන්දරු පියෙක්.
ඔහු මීට දින 50 කට පමණ පෙර කොරෝනා ආසාදිතව ගම්පොල රෝහලේ සිටියදී අතුරුදන් වු බවට වාර්තා වු අතර, සිරුර ඥාතීන් විසින් අද හඳුනා ගත්තා.
1035 Views
Comments