NOV
26
නව විභාග කොමසාරිස් ජෙනරාල් වරයෙකු පත් කෙරේ

නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස L. M. D. ධර්මසේන මහතා පත් කර තිබෙනවා.
ඔහු මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳව අතිරේක ලේකම් ධූරය දැරූ අයෙකි.
මෙලෙස නව විභාග කොමසාරිස් ජෙනරාල් වරයෙකු පත් කෙරුණේ මේ වෙන විට සේවයේ නිරත විභාග කොමසාරිස් සනත් පූජිත මහතා විශ්‍රාම යාම හේතුවෙනි.
නව කොමසාරිස්වරයාගේ පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබෙනවා.
ඔහු එළඹෙන සදුදා සිට ධුරයේ වැඩ බාර ගැනීමට නියමිතයි.
814 Views
Comments