අසාද් සාලි නිදොස් කොට නිදහස්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
02

අසාද් සාලි නිදොස් කොට නිදහස්

අසාද් සාලි නිදොස් කොට නිදහස්

ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා එල්ල වී මාස 8කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

 

 

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා  මහතා විසින් එම තීන්දුව ලබා දුනි.

 

 

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා කියා සිටියේ, විත්තිකරු විසින් ජාතීන් හෝ ආගම්වලට පවතින සංහිඳියාව බිදී යන ආකාරයෙන් හා ජනතාව අතර ක්‍රෝධය වර්ධනය වන ආකාරයෙන් ප්‍රකාශ සිදුකර ඇති බව ඔප්පු කිරීමට පැමිණිලිකරුවන් අසමත් වී ඇති බවයි.

views

418 Views

Comments

arrow-up