ගෑස් පිපිරීම් සිදුවන්නේ සංයුතිය වෙනස් නිසාද? - රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

පසුගිය දින කිහිපය තුළ තුල සිදුවූ ගෑස් පිපිරීම් වලට හේතුව ගෑස් වල සංයුතිය වෙනස් කිරීම බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රස පරීක්ෂකවරයා මේ බව සඳහන් කර තිබේ.
පසුගියදා කොළඹ තුරඟ තරග පිටිය අසල හා වාහන හලක සිදු වූ පිපිරීම ගෑස් කාන්දුවක් බවත් විදුලි උපකරණයකින් නිකුත් වූ විදුලි පුලිඟුවක් මගින් ජ්වලන උෂ්ණත්වය ලැබීම හරහා සිදුවී ඇති බව එහි වැඩිදුරටත් සඳහන්.
මේ පිළිබඳ අදහස් දක්වමින් ලාෆ් ගෑස් සමාගම ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ මෑත කාලයක ලංකාවේ කිසිදු තැනක ගෑස් ටැංකි පිපිරීමෙන් අනතුරක් සිදුවී නොමැති බවයි.
එම නිවේදනය පහතින්
1858 Views
Comments