රු.200 තේ බිලෙන් මාට්ටු වුණු ලක්ෂ 15ක මංකොල්ලය

දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ රාත්‍රී ආපන ශාලාවකින් ආහාර ලබා ගත් තරුණයෙකු රු.200ක බිලක් සඳහා රුපියල් 1000ක් ලබාදීම පිළිබඳව සැකසිතු දඹුල්ල පොලිස් නිලධාරීන් පිරිසක් ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඊට පැය කීපයකට පෙර සිදුකළ මංකොල්ලයක සුලමුල හෙළිව තිබෙනවා.
මොහු හිටපු හමුදා සෙබළකුද වන අතර වාරියපොල ප්‍රදේශයේ ප්‍රදේශයේ නිවසක් මංකොල්ලකා රුපියල් ලක්ෂ 15ක පමණ මුදලක් රැගෙන මෝටර් රථයකින් පලා යමින් සිටියදීයි මෙලෙස අත්අඩංගුවට ගැනුණේ.
සැකකරුවන් ගමන් කළ මෝටර් රථය කණ්ඩලම හන්දියෙ නවතා තිබියදී ඒ පිළිබඳව සැකසිතු පොලිස් නිලධාරීන් එය පරික්ෂා කර තිබෙනවා.
පොලිස් පරීක්ෂකවරයාගේ සූක්ෂම පරීක්ෂාව මධ්‍යයේ මෝටර් රථයේ සිටි අයෙකු වෙළඳසැලට ගොස් කෙටි ආහාරයක් ලබාගෙන තේ පානය කර රුපියල් 200 ක බිල වෙනුවට රුපියල් 1000ක් වෙළඳසැල් හිමියාට ලබාදී තිබෙනවා.
පසුව ඔවුන් ගමන් කළ වාහනය පරික්ෂා කිරීමේ දී එහි සඟවා තිබී රුපියල් ලක්ෂ 13 කට ආසන්න මුදලක් සොයා ගැනීමට නිලධාරීන් සමත් වී තිබේ.
මෙම මුදල උපයා ගත් ආකාරය පිළිබඳව රථයේ සිටි පුද්ගලයින් පරස්පර විරෝධී අදහස් පළ කිරීමත් සමඟ සැකපිට ඔවුන්ව දඹුල්ල පොලිසිය වෙත රැගෙන විත් ප්‍රශ්න කර තිබෙනවා .
ඒ අතරවාරයේ මංකොල්ලකෑමකින් පසු මෝටර් රථයකින් පලා යන සැකකරුවන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස දැක්වෙන ෆැක්ස් පණිවිඩයක් පොලිස් ස්ථානයට ලැබී තිබෙනවා.
ඔවුන් ගමන් කළ මෝටර් රථය ද කුලී පදනම මත ලබාගත් එකකි.
දඹුල්ල පොලිසිය විසින් සිද්ධිය පිළිබදව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
1428 Views
Comments