ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මළ සිරුරක්

බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගොඩනැගිල්ලක ඉහළ මාලයක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන ඇති අතර එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 73 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.
මියගොස් ඇති පුද්ගලයා හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහු එම කාර්යාලයේ පිරිසිදු කිරීමේ සේවකයෙකු ලෙස කටයුතු කර ඇති බවත් අනාවරණය වී තිබේ.
යුද හමුදා නිලධාරියෙකු සේවා කටයුත්තක් සඳහා අද උදෑසන එම ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පිහිටි පිරිසුදු කිරීමේ අංශයට යමින් සිටියදී ඒ ඉදිරිපිට පුටුවක් මත මෙම පුද්ගලයා මියගොස් සිටිනු දැක තලංගම පොලීසිය දැනුවත් කර තිබේ.
තලංගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
218 Views
Comments