ඩෙංගු යළිත් හිස ඔසවයි.
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

ඩෙංගු යළිත් හිස ඔසවයි.

ඩෙංගු යළිත් හිස ඔසවයි.

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි. සතියකට රෝගීන් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් මේ අනුව වාර්තා වේ.



පසුගිය ජනවාරි සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 34,000 කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇත. එය පසුගිය වසරට වඩා 60%ක ඉහළ යාමකි.



ගතවු දින 12 තුළ දී ඩෙංගු රෝගීන් 3,400 ක් හඳුනාගෙන තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කලේ මේ වන විට වාර්තා වන රෝගීන් 50% ක් ඩෙංගු වෛරසයේ තුන් වන ප්‍රභේදයට අයත් වන බවයි.



මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ඩෙංගු මදුරුවන්ගේ ඝණත්වය ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

views

237 Views

Comments

arrow-up