උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
12

උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

 

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අදාළ පනත් කෙටුම්පත ගැසට් කර ඇති බව සඳහන්.

 

එම නව පනත් කෙටුම්පත මගින් උඩරට නීතිය යටතේ සියලු තැනැත්තන් සඳහා විවාහ වීමේ අවම වයස අවුරුදු 18 ක් බවට පත් කර තිබෙනවා.

 

උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පත සකස් කිරීමට පසුගිය අගොස්තු මස පළමුවැනිදා අනුමැතිය හිමිවු අතර එය ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට නියමිතයි.

views

313 Views

Comments

arrow-up