අභාවයට යන සීතා ලෙන
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
05

අභාවයට යන සීතා ලෙන

අභාවයට යන සීතා ලෙන

රාවණා රජු විසින් සීතා දේවිය පැහැරගෙන විත් සඟවා තැබූ ස්ථානය ලෙස සීතාවක ප්‍රදේශයේ පිහිටි සීතා ලෙන ප්‍රසිද්ධයි.

කෙසේ නමුත් බලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් සීතා ලෙන මේ වන විට පවතින්නේ අවදානම් තත්ත්වයකයි.

ඓතිහාසික වටිනාකම් රැසක් පවතින මෙම ස්ථානය පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස තවමත් නම් කර නැහැ.

සීතා ලෙන ට ආසන්නයේ පවතින භූමිය පෞද්ගලික භූමි ලෙස වෙන්කර ස්ථීර නිවාස ඉදිකර ඇති අතර මේ පිළිබඳව බලධාරීන්ගේ කිසිදු අවධානයක් නොමැති බවයි පෙනී යන්නේ.

මෙතරම් ඓතිහාසික වටිනාකම් රැසකින් සමන්විත මෙම ස්ථානය සංරක්ෂණය කර දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹීමට අවස්ථාව සලසාදීම බලධාරීන්ගේ වගකීමක්. 

views

309 Views

Comments

arrow-up