බන්ධනාගාරගත රැඳවියෙකුගේ දියණියට පරිගණකයක්

මරණීය දණ්ඩනය නියමව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින නේවාසිකයෙකුගේ ඉල්ලීමකට අනුව ඔහුගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ දියණියගේ අධ්‍යාපන කටයුතු සඳහා ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් ලබාදීමට සිරකරු සුබසාධක සංගමයේ වැලිකඩ උප කමිටුවේ සාමාජික එම්.අක්‍රම් විසින් කටයුතු කර තිබෙනවා.
ඒ අනුව පෙරේදා(03) වැලිකඩ බන්ධනාගාර අධ්‍යයන කේන්ද්‍රයේදී මෙම පරිත්‍යාග කිරීම සිදු කර තිබෙනවා.
එමෙන්ම ආර්ථික අපහසුතා මැද විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ මෙම දියණියට ශිෂ්‍යත්වයක් ලබා දීමට ද "සිරකරුවන්ගේ දරුවන්ගේ මිතුරෝ" ආයතනය විසින් කටයුතු කර තිබෙනවා.
250 Views
Comments