SEP
05
අර්තාපල් වගාව අනතුරේ

මෙරට දේශීය අර්තාපල් වගාව තුරන් වී යාමේ අවදානමක ට පත් ව ඇති බව අර්තාපල් ගොවීන් ප්‍රකාශ කර සිටිනවා.
ඒ පවතින අධික වර්ෂාවත් සමග අර්තාපල් වගාවට අංගමාරය වැළඳී වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ වීම හේතුවෙනුයි.
පවතින අයහපත් කාලගුණය මෙන්ම වගාවන් සඳහා යොදන කෘෂි රසායන වර්ග වල මිල ද අධික ලෙස ඉහළ ගොස් ඇති බැවින් තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි වැලිමඩ, ඌවපරණගම, කැප්පටිපොල, බොරලන්ද ආදි ප්‍රදේශ වල අර්තාපල් ගොවීන් ප්‍රකාශ කර සිටියේ.
275 Views
Comments