රාජ්‍ය සේවකයින්ට බෝනස් මුදලක්

රාජ්‍ය සේවකයින් සඳහා 2022 වර්ෂයට රුපියල් 4,000ක විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබේ.
රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා විශේෂ චක්‍රලේකයක් නිකුත් කරමින් අදාළ ප්‍රධානීන්ට ඒ බව දැනුම් දී ඇත.
එම අත්තිකාරම් මුදල ගෙවීම ලබන ජනවාරි 01 වනදා ආරම්භ කර පෙබරවාරි 28 වනදා වන විට අවසන් කළ යුතු බව සඳහන්වේ.
පෙබරවාරි 28 වනදායින් පසු මෙම අත්තිකාරම් මුදල් ගෙවීම නොකළ යුතු බව අදාළ චක්‍රලේකයේ දැක්වේ.
මෙම අත්තිකාරම් මුදල 2022 වර්ෂය තුලදී අයකර අවසන් කළ යුතුව ඇත.
846 Views
Comments