චීනයේ උද්ධමනය පහළ යයි

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ලොවපුරා රටවල උද්ධමනය ඉහළ යමින් තිබිය දී චීනයේ උද්ධමනය ඉතා පහළ අගයකට පැමිණ ඇති බවයි.
වාර්තා වන්නේ ලොව සෑම රටකම මේ වන විට ජීවන වියදම ඉතා ඉහළ අගයක පැවතිය ද චීනයේ භාණ්ඩ හා සේවා මිල පහළ ගොස් ඇති බවයි.
එරට පාරිභෝගික මිල දර්ශකය පසුගිය ජූලි මාසයේ දී 0.3%කින් පහළ වැටුණා.
විශ්ලේෂකයින් මත පළ කරන්නේ එලෙස උද්ධමනය ඉතා පහළ අගයකට පැමිණීම ද ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල කරන බවටයි.
සඳහන් වන්නේ මිල ඉහළ දැමීම සදහා නිෂ්පාදන ධාරිතාව අවම කිරීමට සමාගම් කටයුතු කර ඇති බවයි.
චීනයේ උද්ධමනය 2021 වසරේ දී ද මේ ආකාරයෙන් අවම අගයකට පැමිණියා.
264 Views
Comments