මහ රෑ නිල සුනඛයින් දමා කොළඹ සිදු කළ මෙහෙයුම
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

මහ රෑ නිල සුනඛයින් දමා කොළඹ සිදු කළ මෙහෙයුම

මහ රෑ නිල සුනඛයින් දමා කොළඹ සිදු කළ මෙහෙයුම

මාලිගාවත්ත ලක්සෙත සෙවන නිවාස සංකීර්ණයේ ඊයේ (17) රාත්‍රීයේ පොලිස් නිල සුනඛයින්ද යොදා ගනිමින් මෙහෙයුමක් සිදු කොට තිබේ. 

 

 

මෙහිදී අනන්‍යතාවය තහවුරු නොකල පුද්ගලයින් 08 දෙනෙකු විවෘත වරෙන්තුකරුවන් 02 දෙනෙකු සහ අයිස් , හෙරොයින් , ගංජා ළඟ තබාගත් සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මාලිගාවත්ත පොලිසිය පවසයි.

 

 

 එසේම  බීමත් රියදුරන්  තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

සැකකරුවන් අද දින (18) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

මෙහෙයුම සඳහා  මාලිගාවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් , පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ පොලිස් නිල සුනඛ අංශයද සම්බන්ධ විය.

views

167 Views

Comments

arrow-up