මෙරටදී පිළිකා එන්නතක් හදන්න සමාගමක් අවසර ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

මෙරටදී පිළිකා එන්නතක් හදන්න සමාගමක් අවසර ඉල්ලයි

මෙරටදී පිළිකා එන්නතක් හදන්න සමාගමක් අවසර ඉල්ලයි

අත්‍යවශ්‍ය පිළිකා නාශක එන්නතක් වන ට්‍රස්ටුසුමැබ් එන්නත යුරෝපා තාක්ෂණයෙන් මෙරට තුලදී නිපදවීම සඳහා අනුමැතිය ලබා දෙන්නැයි පෞද්ගලික සමාගමක් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

 

ආනයනය කිරීමේදී රුපියල් 55000ක් පමණ වන මෙම එන්නත මෙරට නිපදවා රුපියල් 45000ට ලබා දිය හැකි බවත් මාසයකට එන්නත් පනස් දහසක් නිපදවීමට හැකියාව පවතින බවත් එම සමාගම ජාතික ඖෂධ නියාමන අධිකාරියට යැවූ ලිපියේ සඳහන් වන බව වාර්තාවේ.

 

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ මීට වසර 07කට පෙර ස්ථාපිත කර තිබෙන මෙම සමාගම එම වසරේ සිටම යුරෝපා තාක්ෂණයෙන් පිළිකා නාශක එන්නත් නිපදවීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් කරන ලද ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැත.

 

ගුණාත්මක තත්ත්වයෙන් යුතු පිළිකා නාශක එන්නත් නිෂ්පාදනය කිරීමට සිය සමාගමට ඇති හැකියාව නිරීක්ෂණය කර ඒ සඳහා අනුමැතිය ලබා දෙන ලෙස ඖෂධ නියාමන අධිකාරියෙන් කිහිප වරක්ම ඉල්ලා ඇති නමුත් මේ දක්වා විධිමත් නිරීක්ෂණක් කිරීම නියාමන අධිකාරිය හිතාමතාම මග හරිමින් එන්නත් ආනයනය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ප‍්‍රකාශකයෙක් සඳහන් කලේය.

views

649 Views

Comments

arrow-up