ප්‍රමාද වී දුන් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින් එකතු කලැයි මව්පියන් හා දරුවන්ගෙන් චෝදනා

නාගොඩ රාජකිය විදුහලේ විභාග මධ්‍යස්ථානයකදි 05 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනි සිටි සිසු සිසුවියන්ට විනාඩි 05ක් ප්‍රමාද වි ප්‍රශ්න පත්‍රය ලබාදි විනාඩි 15 කට පෙර නැවත ප්‍රශ්නපත්‍ර එකතුකිරිම සම්බන්ධයෙන් මව්පියන් සහ දරුවන් කරන චෝදනාව සම්බන්ධයෙන් විභාග දේපාර්තමෙන්තුව පරික්ෂණයක් සිදුකරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා කියයි.
තමන් මේ සම්බන්ධයෙන් විභාග මධ්‍යස්ථානයේ සිටි ශාලධිපතිවරු දෙදෙනාගෙන් විමසිමක් කළ බවත් එවැනි සිදුවිමක් සිදුනොවු බවට ශාලාධිපතිවරුන් තමන්ට ප්‍රකාශ කළ බවත් පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් විභාගයට පෙනි සිටි දරුවන් සහ මව්පියන් කරණු ලබන චෝදනාව සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකරණ බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
ඒ සමඟ මව්පියන් පිරිසක් හා ගුරුවරුන් අතර වචන හුවමාරුවක්ද ඇතිවි තිබේ.
706 Views
Comments