ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

මෙම වසරේ දී බංගලාදේශයෙන් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා.
මෙම වසර තුළදී ඩෙංගු රෝගය හේතුවෙන් බංගලාදේශයේ සිදුවී ඇති මරණ සංඛ්‍යාව 485ක්.
වාර්තා වන්නේ 7500කට අධික සංඛ්‍යාවක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.
එරට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ ඩකා නගරයේ පමණක් ඩෙංගු රෝගය හේතුවෙන් රෝහල් ගතව සිටින සංඛ්‍යාව 3607ක් බවයි.
අගෝස්තු මාසයේ දී වැඩිම රෝගීන් හා මරණ සංඛ්‍යාවක් සිදුව ඇති අතර රෝගීන් 50359 දෙනෙකු එහිදී හමුවී ඇති අතර සිදු වී ඇති මරණ සංඛ්‍යාව 234ක්.
ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබෙන්නේ මේ අතර ඩෙංගු රෝගය වැළදීමේ අවධානම වැඩිම රටක් ලෙස බංගලාදේශය නම් කිරීමටයි.
355 Views
Comments