JAN
16
විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන උපයෝගීතා කොමිසමෙන් නිවේදනයක්

විදුලි මණ්ඩලය විසින් යෝජනා කර තිබෙන විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනා අද (16) දින සිට දින 21ක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙයි.
පසුගියදා අමාත්‍ය මණ්ඩලය විසින් විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම් සලකා බලා 66.2% ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කර තිබුණි.
ඊට අදාළ ගැටලු හෝ බලපෑම් තිබේ නම් ඒවා ලිඛිතව දැනුම් දෙන ලෙස ද අවශ්‍ය වුවහොත් වාචික අදහස් දැක්වීමට අදාළ පාර්ශ්වයන්ට අවස්ථාව ලබා දෙන බවද මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරයි.
259 Views
Comments