බ්‍රසීලය ගැන ජනපතිගෙන් නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

බ්‍රසීලය ගැන ජනපතිගෙන් නිවේදනයක්

බ්‍රසීලය ගැන ජනපතිගෙන් නිවේදනයක්

බ්‍රසීලයේ හිටපු නායක ජෙයිර් බොල්සනාරෝගේ ආධාරකරුවන් පිරිසක් එරට ජනාධිපති මන්දිරයට, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයට සහ කොංග්‍රස් ගොඩනැගිල්ලට කඩා වැදී තිබුණි.

 

ඒ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කනස්සල්ල පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

මෙවැනිම ආකාරයේ ව්‍යවස්ථා විරෝධී ක්‍රම මගින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් පෙරළා දැමීමට විවිධ කණ්ඩායම් ශ්‍රී ලංකාවේ ද උත්සාහ කළ බව ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

 

තවද මෙම ගැටුම්කාරී හෝරාවේ බ්‍රසීල රජය, ජනාධිපතිවරයා සහ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.

 

 

views

100 Views

Comments

arrow-up