උපයන විට බද්ද රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන මගින් ගෙවීම අත්හිටුවීමට චක්‍රලේඛයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

උපයන විට බද්ද රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන මගින් ගෙවීම අත්හිටුවීමට චක්‍රලේඛයක්

උපයන විට බද්ද රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන මගින් ගෙවීම අත්හිටුවීමට චක්‍රලේඛයක්

රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන මගින් උපයන විට බද්ද ගෙවීම අත්හිටුවීමට අදාළ චක්‍රලේඛය මෙම සතියේ නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

උපයන විට බද්ද කිසියම් සීමාවක් ඉක්මවා ආදායම් ලබා ගන්නා පුද්ගලයන් විසින් රජයට ගෙවිය යුතු බවත් ඇතැම් රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන මගින් එම බද්ද ගෙවීමේ සිදුවීම් මීට පෙර වාර්තා වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

 

නමුත් රටේ පවතින තත්ත්වය තුළ එවැනි අක්‍රමිකතා වලට ඉඩ තැබිය නොහැකි බැවින් ඊට අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

 

views

117 Views

Comments

arrow-up