බිත්තර ආනයනයට 20 දෙනෙකු ඉදිරිපත් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

බිත්තර ආනයනයට 20 දෙනෙකු ඉදිරිපත් වෙයි

බිත්තර ආනයනයට 20 දෙනෙකු ඉදිරිපත් වෙයි

මෙරට බිත්තර ආනයනය කිරීමේ ටෙන්ඩරය සඳහා ආනයනකරුවන් 20 දෙනෙකු මිල ගණන් ඉදිරිපත් කර තිබේ.

 

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ප්‍රකාශ කළේ අද (09) පස්වරුවේ ඊට අදාළ ටෙන්ඩර් කැඳවීම අවසන් කළ අතර අවසන් අනුමැතිය සඳහා එය වෙළඳ අමාත්‍යංශයයේ තාක්ෂණික කමිටුව වෙත භාරදුන් බවයි.

 

බිත්තර ආනයන ටෙන්ඩරයට ඉදිරිපත් වූ සියලුම ආනයනකරුවන් ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිති සහතික ඉදිරිපත් කර තිබුණු බව වාර්තා වේ.

 

තවද ඔවුන් බහුතරයක් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන්නන් බව ද වාර්තා වේ.

 

views

107 Views

Comments

arrow-up