ජනපතිට එරෙහි තවත් නඩුවක් ඉවතට

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෘහස්ථ ගෑස් මිලදී ගැනීමේදී යොමුකරන ලද ටෙන්ඩරයක් අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ රිට් පෙත්සමක වගඋත්තරකරුවෙකු වශයෙන් නම් කොට සිටි ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව පවත්වාගෙන යාමට නොහැකි බව අභියාචනාධිකරණය විසින් ඊයේ තීරණය කරන ලදී.
අදාල පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස වත්මන් ජනාධිපතිවරයා නම් කොට තිබුණද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා විසින් මීට පෙර වතාවකදී මූලික විරෝධතා මතු කර තිබූ අතර, එම විරෝධතා පිළිගත් අභියාචනාධිකරණය විසින් මෙම නඩු කටයුත්ත ඉවත දැමීමට තීරණය කරන ලදී.
197 Views
Comments