පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 800 ක වන පුවත සාවද්‍ය බව ඇමති කංචන කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 800 ක වන පුවත සාවද්‍ය බව ඇමති කංචන කියයි

පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 800 ක වන පුවත සාවද්‍ය බව ඇමති කංචන කියයි

හිරු රූපවාහිනි වැඩසටහනක් තුළ දී විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ගෙන් චමුදිත සමරවික්‍රම මහතා ප්‍රශ්න කර සිටියේ ඉදිරියේ දී පෙට්‍රල් ලීටරයක් රුපියල් අටසියයක් පමණ දක්වා වැඩිකර QR ක්‍රමය අහෝසි කිරීමේ සූදානම් පවතින බවට වාර්තා වන වල තොරතුරුවල සත්‍ය අසත්‍යතාව කුමක්ද යන්නයි.

 

දැනට එවැනි මිල වැඩි කිරීමේ සූදානමක් නොමැති බවත්, ඉන්ධන මිල වෙනස් විය හැක්කේ රුපියල් දහයක්, පහළොවක් අතර මිලකින් බවත් පැවසූ ඇමැතිවරයා, යුක්රේන රුසියා යුද තත්ත්වය වැනි සාධක නිසා තෙල් මිල ඉහළ යාම තමන්ට පාලනය කළ නොහැකි බවත් කියා සිටියේය.

 

නුදුරේදීම තවත් සමාගම් තුනක් මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසීමට නියමිත ව ඇති නිසා ඉදිරියේ දී QR ක්‍රමවේදය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට හැකිවන බවද ඔහු පැවසීය.

views

218 Views

Comments

arrow-up