දෙමටගොඩ ප්‍රදේශයේ හදිසි සෝදිසි මෙහෙයුමකින් කාන්තාවක් ඇතුලු 08ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
12

දෙමටගොඩ ප්‍රදේශයේ හදිසි සෝදිසි මෙහෙයුමකින් කාන්තාවක් ඇතුලු 08ක් අත්අඩංගුවට

දෙමටගොඩ ප්‍රදේශයේ හදිසි සෝදිසි මෙහෙයුමකින් කාන්තාවක් ඇතුලු 08ක් අත්අඩංගුවට

දෙමටගොඩ ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක පොලීසිය හදිසි සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබෙනවා. 

 

එහි දී කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 


 
එම මෙහෙයුමේ දී හෙරොයින් ග්‍රෑම් 35ක්, මත්පෙති 100ක් සහ කඩු පහක් සොයාගෙන ඇති බවයි පොලිස් මුලස්ථානය සඳහන් කළේ. 


 
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19ත් 44ත් අතර වයස්වල පසුවන්නන් බව සඳහන්. 


 
ඔවුන් අලුත්කඩේ සහ මාළිගාකන්ද යන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර සිද්ධීන් සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

views

276 Views

Comments

arrow-up