“රාජපක්ෂ පවුල රටට ලැජ්ජාවක්” - හිටපු ජනපතිනි චන්ද්‍රිකා
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
05

“රාජපක්ෂ පවුල රටට ලැජ්ජාවක්” - හිටපු ජනපතිනි චන්ද්‍රිකා

“රාජපක්ෂ පවුල රටට ලැජ්ජාවක්” - හිටපු ජනපතිනි චන්ද්‍රිකා

රාජපක්ෂ පවුල රටට සිදුකර ඇති දැවැන්ත විනාශය හේතුවෙන් විදෙස් රටකට ගොස් කතා කිරීම පවා ලැජ්ජාවට කරුණක් වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අද(5) සඳහන් කළාය.


තමන් පසුගියදා කළ විදෙස් සංචාරයකදී තෙමසක් මුළුල්ලේ නිවසට වී කාලය ගත කළ බවත් රට සම්බන්ධයෙන් ඇති වැරදි චිත්‍රය හේතුවෙන් නිවසෙන් බැහැරට යෑම ප්‍රශ්නයක් බවත් ඇය පැවැසුවාය.


හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එම අදහස් පළ කළේ අද(05) නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ලේදී විවෘත කළ අවස්ථාවේදීය.

views

292 Views

Comments

arrow-up