නෙළුවේ දරුවෝ හතර දෙනෙක් අතරුදහන්

නෙළුව දෙල්ලව මියනවතුර ප්‍රදේශයේ එකම නිවසක නතරව සිටි පවුල් කිහිපයක ළමයන් හතර දෙනකු ඊයේ රාත්‍රි සිට අතුරුදහන්වි ඇති බව නෙළුව පොලිසිය පවසයි.
මෙලෙස අතුරුදහන්වි ඇත්තේ මාස 03, අවුරුදු 01, අවුරුදු 10 සහ අවුරුදු 13 යන වයස්වල පසුවන පිරිමි ළමයින් සිව් දෙනෙකි.
නෙළුව ප්‍රදේශයේ වතුවල තාවකාලිකව වැඩ කිරිම සඳහා මෙම ළමයන්ගේ මව්පියන් මියනවතුර ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන නතරව සිට ඇති අතර එසේ සිටියදී ඊයේ රාත්‍රි සිට දරුවන් අතුරුදහන් බවට ඔවුන් පොලිසියට දන්වා ඇත.
අතුරුදහන්වු ළමයන් පිළිබඳ මෙතෙක් කිසිම තොරුතුරක් නොමැති අතර ගාල්ල දිසාබාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි නෙළුව පොලිසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
268 Views
Comments