ආණ්ඩුවේ රිලා ව්‍යාපාරයේ තවත් රහසක් පාහියංගල හිමි හෙළි කරයි

ශ්‍රී ලංකාවේ රිලවුන් ගැනීමට පැමිණි චීන ජාතිකයන් මේ වන විටත් මෙරට රැඳී සිටින බවත්, මෙම ගනුදෙනුව පිටුපස සිටින්නේ ලාංකිකයෙක් බවත්, පූජ්‍ය පාහියංගල හිමියන් සඳහන් කරති.
මෙම රිලවුන් රැගෙන යන්නේ පරීක්ෂණ වලට බවත්, සත්වෝද්‍යාන සඳහා ගෙන යන බවට පවසන කතාව බොරුවට බවත් උන්වහන්සේ කියා සිටිති.
රිලවුන් අයත්වන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයට නොව වනජීවී දෙපාර්තමේන්තුවට බවද කියා සිටින ආනන්ද සාගර හිමි, මෙම කටයුත්ත සඳහා අමරවීර අමාත්‍යවරයා අල්ලා ගැනීම ද එම චීන ජාතිකයාගේ සැලසුමක් බව අනාවරණය කොට සිටිති.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමින් මෙම අදහස් පළ කළ උන්වහන්සේ, මෙරට ජාතික සම්පත් චීනයට විකුණා අවසන් වූ පසු රිලවුන්ද චීනයට විකුණන්නට පාලකයන් සැරසෙන බවත්,රිලවු චීනයට විකුණනවාට වඩා වැඩකට නැති ඇමති පුත්තු චීනයට විකිණීම වඩාත් සුදුසු බවත් වැඩිදුරටත් කියා සිටියහ.
257 Views
Comments