කුඩු සලිඳු සහ හරක් කටා අද ලංකාවට ගෙන එයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

කුඩු සලිඳු සහ හරක් කටා අද ලංකාවට ගෙන එයි

කුඩු සලිඳු සහ හරක් කටා අද ලංකාවට ගෙන එයි

මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නඳුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳු අද දිවයිනට රැගෙන එන බව වාර්තා වේ.

 

ඔවුන් මේ වන විට මැඩගස්කරයේ සිට ඉන්දියාව බලා රැගෙන විත් තිබෙන අතර එහි සිට මෙරටට රැගෙන ඒමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ.

 

සැකකරුවන් දෙදෙනා රැගෙන ඒමට පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු පසුගියදා මැඩගස්කරය බලා පිටත්ව ගිය අතර එලෙස පිටත්ව ගොස් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු,  ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනෙක්  බව ආරංචි මාර්ග පවසයි.  ඔවුන් දිවයිනට රැගෙන ඒමේදී මැඩගස්කරයේ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණීමට නියමිතයි.

 

මැඩගස්කරයේදී සැකකරුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පසුගිය 7 වනදා විදෙස් මාධ්‍ය පළමුව වාර්තා කර ඇත.  එම පුද්ගලයින් 8 දෙනා මැඩගස්කරයේ ඉවාටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඉකුත් 01  දා අත්අඩංගුවට ගෙන ඇති බවත්, එය ශ්‍රී ලංකා පොලිසිය තහවුරු කළ බවත් සඳහන් කර තිබේ.

 

මේ අතර මැඩගස්කරයේ සිට මෙරටට රැගෙන එන මොවුන් වෙනුවෙන් රජයට රුපියල් මිලියන 10ට ආසන්න මුදලක් වියදම් වී ඇති බවත් එම මුදල ගුවන් ප්‍රවේශ පත්‍ර හා එරට සිට මෙරටට පැමිණි මැඩගස්කරයේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට කොළඹ පිහිටි හෝටලයක නවාතැන් ලබා දීම සඳහාත් වැය වී ඇති බව සඳහන් කරයි.

 

අත්අඩංගුවට ගත් පිරිස අතර හරක් කටාගේ බිරිඳ යැයි පැවසෙන මැලේසියානු කාන්තාවක් ද සිටින බවත්, ඇය සන්තකයේ තිබී එරට මුදලින් මිලියන 38කට අධික මුදලක් බලධාරීන් විසින් සොයා ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

views

220 Views

Comments

arrow-up