නීතිවිරෝධී ලෙස මසුන් මැරූ යාපනේ ධීවර පිරිසකට වැඩ වරදී

යාපනය මාමුනෙයි සහ චුන්ඩිකුලම් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ නීතිවිරෝධී ලෙස මසුන් අල්ලමින් සිටි මෙරට ධීවරයන් පිරිසක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇත.
එහිදී ධීවරයන් 12 දෙනෙකු සමග යාත්‍රා 3 ක් සහ ධීවර උපකරණ තොගයක් සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කර තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් යාත්‍රා නාවික හමුදා භාරයේ තබා ගෙන ඇති අතර ධීවරයන් සහ ධීවර ආම්පන්න තොගය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත ලබා දී ඇත.
267 Views
Comments