අද කාලගුණය

නිරිතදිග කොටසේ වැසි තත්වය ඉදිරියටත් ක්‍රියාත්මක බව කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
මධ්‍යම , සබරගමුව , බස්නාහිර පළාත්වල හා ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැක.
හම්බන්තොට දිස්ත්‍රික්කයේද වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකි අතර සවස් කාලයෙන් පසුව ඌව පළාතේ හා අම්පාර , මඩකලපුව දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
හම්බන්තොට , ත්‍රිකුණාමලය , මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමේ , උතුරු , උතුරු මැද හා වයඹ පළාත්වල පැයට කිලෝමීටර 40 - 50 දක්වා සුළං ඇතිවිය හැක.
කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තාවකාලික තද සුළං හා අකුණු මගින් ඇතිවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
750 Views
Comments