කාබනික පොහොර නිෂ්පාදනයට වැවෙන් ගොඩ දැමූ ජපන් ජබර ටිකත් ප්‍රා. ස. මන්ත්‍රී හොරෙන් විකුණයි

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා එප්පාවල, හුරිගස්වැව ගොවි සංවිධානයේ ගොවීන් යොදා ගැනීමට හුරිගස්වැව වැවෙන් ගොඩදමනු ලැබූ ජපන් ජබර ඇතුළු අපද්‍රව්‍ය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයකුගේ උපදෙස් අනුව තලාව ප්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු විසින් කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානයකට හොර පාරෙන් අලෙවි කරන බවට හුරිගස්වැව හා රාජල්ලේගම ගොවි සංවිධාන නියෝජිතයන් චෝදනා කරයි.
පසුගිය ජූනි මාසයේ මහවැලි අධිකාරිය විසින් හුරිගස්වැව සුද්ද පවිත්‍ර කිරීම් ආරම්භ කොට ඇති අතර එසේ පවිත්‍ර කිරීමේදී වැවේ කාලයක් තිස්සේ වර්ධනය වී තිබුණු ජපන් ජබර, සැල්වීනියා, පන් වර්ග ඇතුළු අපද්‍රව්‍ය වැව් පිටියට ගොඩ ගසා තිබුණේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගැනීමට බව හුරිගස්වැව හා රාජල්ලේගම ගොවි සංවිධාන නියෝජිතයන් වැඩිදුරටත් පවසයි.
එසේ ගොඩ ගසා තිබණු අපද්‍රව්‍ය කාබනික පොහොර නිෂ්පාදකයෙකු විසින් රුපියල් ලක්ෂ දෙකක මුදලකට අදාළ ගොවි සංවිධානවලින් මීට පෙර අවස්ථාවකදී ඉල්ලා සිටි නමුත් ගොවීන්ට කාබනික පොහොර සපයා ගැනීමේ අවශ්‍යතාව මත එය අලෙවි නොකළ බවද ගොවි සංවිධාන නියෝජිතයෝ කියති.
කෙසේ නමුත් මීට දින දෙක තුනකට පෙර සිට බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් අදාළ කාබනික පොහොර නිෂ්පාදකයාගේ කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානය වෙත ගොවි සංවිධානයේ අවසරයකින් තොරව බලහත්කාරයෙන් වැවෙන් ඉවත් කළ අපද්‍රව්‍ය ගෙන යන බව ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.
761 Views
Comments