තෙල් ප්‍රශ්නයක් නෑ... ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා - ඇමති ගම්මන්පිල
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
20

තෙල් ප්‍රශ්නයක් නෑ... ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා - ඇමති ගම්මන්පිල

තෙල් ප්‍රශ්නයක් නෑ... ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා - ඇමති ගම්මන්පිල

මේ මොහොතේ රටේ කිසිදු ඛනිජ තෙල් හිඟයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

 

අමාත්‍යවරයා කියා සිටියේ දින 22කට ප්‍රමාණවත් ඩීසල් සහ දින 18කට ප්‍රමාණවත් පෙට්‍රල් තොග රට තුළ ඇති බවයි.

 

තවත් පෙට්‍රල් නැවක් මේ සතිය තුළ මෙරටට පැමිණීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසුවේය.

 

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,

“මම ජනතාවට බොරුවක් කරන්නේ නැහැ.

ඛනිජ තෙල් හිඟයක් ඇති වෙනව නම් කවුරුත් කියන්න කලින් ඒක මම රටේ ජනතාවට කියනවා.

මේක මන් කලිනුත් කියලා තියෙනවා. අපිට මේ මොහොතේ දවස් 22කට ප්‍රමාණවත් ඩීසල් සහ දවස් 18කට ප්‍රමාණවත් පෙට්‍රල් තියෙනවා.

ඒ වගේම මේ සතියේ තවත් පෙට්‍රල් නැවක් පැමිණීමට නියමිතයි. එතකොට මේ ප්‍රමාණය තවත් ඉහළ යනවා.

සාමාන්‍යයෙන් මේ වගේ තමයි තොග පවත්වා ගන්නේ. අපි වගේ දිළිඳු රටකට මාස ගණනන් ඉන්ධන තොග තබාගන්න බෑ...

ඇත්තටම ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැන ඉස්සෙල්ලාම ප්‍රකාශ කළේ මම.

ඛනිජ තෙල්වලට රට තුළ තවමත් විකල්පයක් නොමැති නිසා ඩොලර් ප්‍රමුඛතා පදනමින් වෙන්කිරීමේ දී අංක එකේ ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ තෙල්වලට.

ඒ නිසයි ඩොලර් හිඟය මැද වුණත් තෙල් හිඟයක් ඇති වෙලා නැත්තේ.”‍

views

751 Views

Comments

arrow-up