කොවිඩ් වැළඳි කත සිඟති දියණිය රැගෙන රෝහලෙන් පළා යයි

කොවිඩ් 19 වෛරසය ආසාදිත කාන්තාවක් ඇගේ මාස හයක් වයසැති දියණියද රැගෙන කෑගල්ල මහ රෝහලෙන් පැන ගොස් ඇතැයි කෑගල්ල රෝහල් පොලිසිය සඳහන් කරයි.
ගලිගමුව ප්‍රදේශීය පදිංචි 30 හැවිරිදි කාන්තාවක් කෑගල්ල මහ රෝහලේ අංක 02 වාට්ටුවට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස පැන ගොස් ඇත.
අසනීප තත්ත්වයක් හේතුවෙන් තම දරුවාද සමඟ කෑගල්ල මහ රෝහලට ඇතුළත් වී ඇති මෙම නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහල් කාර්ය මණ්ඩලය කාන්තාවට සහ බිළිදියට පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර ඇති බවත් රෝහල් පොලිසිය පවසයි.
එම පී,සී,ආර් පරීක්ෂණයට අනුව කාන්තාවටත් බිළිදියටත් කොවිඩ් 19 ආසාදනයවී ඇති බවට තහවුරු වී ඇති අතර ඒ වන විටත් කාන්තාව සිය බිළිදිය රැගෙන වාට්ටුවේ කාර්ය මණ්ඩලයට නොදන්වා රෝහලෙන් පැන ගොස් ඇති බවත් පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි.
828 Views
Comments