ජනපති ලේකම් ලෙස පෙනී සිට මුදල් වංචා කල වැඩ්ඩා අල්ලයි

ජනාධිපතිවරයාගේ ව්‍යාපෘති අධ්‍යක්ෂක ලෙස පෙනී සිටිමින් වරාය, තෙල් සංස්ථාව ඇතුලු රජයේ ප්‍රසිද්ධ ආයතනවල රැකියා දෙන බව පවසා පුද්ගලයින් රැසකගෙන් මුදල් වංචා කළ වඩු කාර්මිකයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අද(06) පෙරවරුවේ දික්වැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබිණි.
දික්වැල්ලේ පදිංචිකරුවෙකු වන මොහු රැකියා සඳහා අයදුම්පත්වල මුලික ගෙවීම් බව පවසමින් රුපියල් 10,000, 15,000 වශයෙන් මුදල් ගිණුමකට බැරකරගෙන ඇති බවත්, මේ අයුරින් සැකකරු විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටමින් මුදල් ලබාගෙන ඇති බවත් පොලිසිය පවසයි.
එපමණක් නොව මොහු මංගල දැන්වීම්වලට අනුව තවත් කාන්තාවන් රවටා මුදල් ලබාගෙන ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.
සැකකාර පුද්ගලයාට එරෙහිව පැමිණිලි රැසක් කොළඹ අපරාධ කොට්ඨාශයට ලැබී ඇති බවද පොලිසිය පවසයි.
865 Views
Comments