ජනපති බැසිල්ට තිබූ තනතුරු ගලවා නිදහස් පක්ෂයට දෙයි

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් නව කාර්යසාධක බලකායක් පත්කොට අැත.
පසුගිය මැයි මස 10 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආර්ථික අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය අරඹා ඇති.
ඊයේ (29) අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි නව සභාපති ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ සභික වත්මන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පත් කර ඇත.
මෙතෙක් එම ධුරයේ සභාපති ධුරය දැරුවේ වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ය.
1023 Views
Comments