ජෝෂප් ස්ටාලින් කියන්නෙ ත්‍රස්තවාදියෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
23

ජෝෂප් ස්ටාලින් කියන්නෙ ත්‍රස්තවාදියෙක්

ජෝෂප් ස්ටාලින් කියන්නෙ ත්‍රස්තවාදියෙක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසා සිටියේ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් ත්‍රස්තවාදියෙකු බවත් යුද සමයේදී ඔහු ත්‍රස්තවාදීන්ට කොළඹට පැනගැනීමට මාරගබාධක ඉවත් කරන්නැයි පවසා සිටි බවත්ය.

 


ජෝසප් ස්ටාර්ලින් මහතාගෙන් මේ සම්බන්ධව කළ විමසීමකදී ඔහු කියා සිටියේ මධුර විතානගේ මහතාගේ එම ද්වේශසහගත ප්‍රකාශය සම්පූර්ණයෙන්ම හෙළා දකින බවයි.

 


එමෙන්ම උඩහමුල්ල ශ්‍රී විජයාරාම විද්‍යාලයේ විදුහල්පතිනිය, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සමග ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වන දිලිත් ජයවීර හා ධම්මික පෙරේරා යන පුද්ගලයන් එම පාසලට අනවසරෙන් හා බලහත්කාරයෙන් ඇතුලත් වුනේ යැයි මිරිහාන පොලීසියට පැමිණිලි කර ඇත.

views

868 Views

Comments

arrow-up