දුම්රිය පොකුරක් ගැන අනතුරු ඇඟවීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
16

දුම්රිය පොකුරක් ගැන අනතුරු ඇඟවීමක්

දුම්රිය පොකුරක් ගැන අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තුලින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ගණන ඉහල යාමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

 

මේ තත්වය හේතුවෙන් දුම්රිය ධාවනයද ගැටළුකාරී තත්ත්වයකට මුහුණදී ඇති බවයි වාර්තා වන්නේ.

 

දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කරන්නේ මිනුවන්ගොඩ කර්මාන්තශාලාව හා පෑලියගොඩ ආශ්‍රිතව ඇති වූ කොවිඩ් පොකුරු මෙන් කෝච්චි පොකුරක්ද ඇතිවීම් අවදානමක් ඇති බවයි.

 

මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

views

917 Views

Comments

arrow-up