කෝට්ටේ නගර සභා කම්කරුවා හෙරොයින් හා අයිස් සමඟ මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
06

කෝට්ටේ නගර සභා කම්කරුවා හෙරොයින් හා අයිස් සමඟ මාට්ටු

කෝට්ටේ නගර සභා කම්කරුවා හෙරොයින් හා අයිස් සමඟ මාට්ටු

කෝට්ටේ නගර සභා සේවකයන්ට සහ කටුනායක ගුවන් තොටුපළ සේවකයන්ට මත්ද්‍රව්‍ය සැපයූ කෝට්ටේ නගර සභාවේ කම්කරුවෙකු රුපියල් හත්ලක්ෂ පනස්දාහක මත්ද්‍රව්‍ය සමඟ වැලිකඩ පොලිසියේ දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

 

අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 100 ක් හෙරොයින් ග‍්‍රෑම් 3 යි මිලිග‍්‍රෑම් 100 ක් මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී සොයාගත් බව පොලිසිය කියයි.

 

වැලිකඩ පොලිසියේ දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොරගස්මුල්ල හන්දියට යාබද ති‍්‍රරෝද ගාලක් තුළදී සැකකරු අත්අඩංගුවට පත්ව තිබේ.

 

සැකකරුගෙන් සිදුකල ප‍්‍රශ්න කිරීම් වලදී තමන් කෝට්ටේ නගර සභාවේ කම්කරුවෙකු බවත් මත්ද්‍රව්‍ය අලෙවි කරන ගමන් පාවිච්චි කිරීමටත් පුරුදු වී සිටින බවත් උපයන ලාභය මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමට යොමු කරන බවත් පොලිසියට පාපොච්ඡාරණය කර ඇත.

 

කෝට්ටේ නගර සභා සේවකයන්ට අමතරව කටුනායක ගුවන් තොටුපළ සේවකයන් සඳහාත් මත්ද්‍රව්‍ය අලෙවි කරන බව පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා තිබේ.

views

837 Views

Comments

arrow-up