උතුරේ ධීවර සම්පත් කොල්ලකන දකුණේ සහ ඉන්දීය ධීවරයන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා - ඇමති ඩග්ලස්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
20

උතුරේ ධීවර සම්පත් කොල්ලකන දකුණේ සහ ඉන්දීය ධීවරයන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා - ඇමති ඩග්ලස්

උතුරේ ධීවර සම්පත් කොල්ලකන දකුණේ සහ ඉන්දීය ධීවරයන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා - ඇමති ඩග්ලස්

උතුරු පළාතේ ඇති ධීවර සම්පත් ඉන්දීය ධීවරයන් සහ මෙරට දකුණේ ධීවරයන් විසින් කොල්ල කෑම දිගින් දිගටම සිදුවන බවත් එය නතර කිරීමට නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට අදාළ අංශ දැනුවත් කර ඇති බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පුනරින්හිදී ධීවර සංගම් නියෝජිතයන් හමුවේ පැවසුවේය.

 

ධීවර සංගම් 16ක නියෝජිතයින් කරන ලද ඉල්ලීමක් මත ඔවුන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා පුනරින් ධීවර සමිති ශාලාවේදී විශේෂ සාකච්ඡාවක් පැවති අතර එහිදි ධීවර නියෝජිතයන් කියා සිටියේ තම ප්‍රදේශවල ජනතාවට ධීවර කර්මාන්තය කර ගත නොහැකි තරමටම ඉන්දීය ධීවරයන්ගෙන් සිදුවන හිරිහැර කිරීම් හා නීති විරෝධි ධීවර කටයුතු මෙන්ම දකුණේ ධීවරයන් තම ප‍්‍රදේශ තුළ සිදු කරන ධීවර කටයුතු හේතුවෙන් උතුරු පළාතේම ධීවරයන්ගේ ජීවන උපායට දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි.

 

එම කටයුතු නතර කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන් ඔවුහු අමාත්‍යවරයාගේ ඉල්ලා සිටියහ.

 

එහිදී අදහස් දැක්වූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පැවසුවේ දෙමළ ජනතාවට සාධාරණයක් ඉටුකිරීමේ අරමුණින් තමන් ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයෙන් බැහැරවද කටයුතු කළද පසුව දෙමළ ජනතාවට අවශ්‍ය සාධාරණය ඉටුවීම උදෙසා තමන් ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයට පැමිණ තම ජනතාවගේ අරමුණු වෙනුවෙන් කටයුතු කරන බවයි.

 

ඉදිරියේදී උතුරු පළාත තුළ සිදුකෙරන නීති විරෝධී ධීවර කටයුතුවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට අදාළ අංශ දැනුවත් කර ඇති බවත් අවශ්‍ය වුවහොත් පවතින නීතිරීති වෙනස් කර හෝ උතුරේ සාගර සම්පත් රැකදීමට කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

views

735 Views

Comments

arrow-up