විධායක ජනාධිපති ධූරය අත්‍යවශ්‍යයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
13

විධායක ජනාධිපති ධූරය අත්‍යවශ්‍යයි

විධායක ජනාධිපති ධූරය අත්‍යවශ්‍යයි

මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ නීතිරීතිවල ප්‍රතිසංස්කරණ හදුනාගැනීම සහ අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී නිදහස් පක්ෂ මහලේකම් , රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවයි.

 

 


ඔවුන් තවදුරටත් අවධාරණය කළේ පළාත් සභා බලය විමධ්‍යගත කිරීම හා දිස්ත්‍රික් සභා ක්‍රමයක් හදුන්වාදීම අවශ්‍ය බවයි.

 

 


ලංකා සමසමාජ පක්ෂය වෙනුවෙන් මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කළේ සියලු ජනකොටස්වල අයිතීන් ආරක්ෂා වන නව මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීම අවශ්‍ය බව හා දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට අවධානය යොමුකළ යුතු බවයි.

views

752 Views

Comments

arrow-up