“රට සම්පූර්ණයෙන්ම වැසීමට අවශ්‍ය නෑ” - විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
20

“රට සම්පූර්ණයෙන්ම වැසීමට අවශ්‍ය නෑ” - විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

“රට සම්පූර්ණයෙන්ම වැසීමට අවශ්‍ය නෑ” - විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

කොරෝනා වසංගත තත්වය පාලනය කිරීමට රට සම්පූර්ණ වශයෙන් “ලොක්ඩවුන්” කළ යුතු යැයි තමා කිසිවිටකත් ප්‍රකාශ නොකරන බව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේය.

 

ඊට අඩු ක්‍රියාමාර්ග ඔස්සේ මෙම වසංගතය පාලනය කළ හැකි බවද හෙතෙම කියා සිටියේය.

 

කොවිඩ් - 19 වසංගත තත්වය හමුවේ පසුගිය අප්‍රේල් සහ මැයි මාසවලදී රට යම්තාක් දුරකට වැසුණද ආයතනවල වැඩ කටයුතු සාමාන්‍ය ආකාරයෙන් සිදු කෙරුණු බවත් එසේ කටයුතු කරන අතරේදී සෞඛ්‍ය නීති අනුගමනය කිරීම නිසා කොවිඩ් පැතිරීමේ යම්කිසි පාලනයක්ද ඇති කරගත් බවත් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

views

855 Views

Comments

arrow-up