JUL
05
සුපිරි මෝටර් රියෙන් ඇවිත් සුළු සේවිකාවගේ මාලය කොල්ල කාලා

සුඛෝපභෝගී මෝටර් රථයක් යොදා ගනිමින් රන් මාල කොල්ල කෑ තිදෙනෙකු මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොල්ල කණ්ඩායමක් මොනරාගල රෝහලේ සුළු සේවිකාවකගේ රන් මාලයක් කොල්ලකා පහර දී පසුගිය දා මාර්ගය අසල දමා ගොස් තිබුණා. එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වලදී සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොල්ලකෑම් සඳහා යොදා ගත් සුඛෝපභෝගී මෝටර් රථය ද පොලිස් භාරයට ගනු ලැබුවා.
242 Views
Comments