භූතයා ගිලින අස්වැන්නට ගොවීන් විසඳුමක් ඉල්ලයි

ගොයම් කැපීම සඳහා බහුලව යොදා ගන්නා භූතයා සහ සුනාමි නැමැති කොළ මඬින යන්ත්‍රවලින් වී අස්වැන්නට නාස්තියක් වෙන බවත් එම නාස්තිය අවම කර ගැනීම සඳහා වැඩ පිළිවෙලක් සකසා දෙන ලෙසත් ගොවි සංවිධාන කෘෂිකර්ම අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
එම යන්ත්‍ර වලින් පැසුණු ගොයම් කපන විට වී අස්වැන්නෙන් විශාල ප්‍රමාණයක් අපතේ යන බව වාර්තා වේ.
මේ නිසා භූතයා සහ සුනාමි නම් වලින් හඳුන්වන සංයුක්ත කොළ මඬින යන්ත්‍ර උපයෝගී කර ගනිමින් ගොයම් කැපීමේ දී අස්වනු හානියක් සිදු වන්නේ ද පිලිබදව වහාම අධ්‍යයනයක් සිදු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.
භූතයා හා සුනාමි යන්ත්‍ර උපයෝගී කර ගනිමින් අස්වනු නෙලන විට අස්වනු හානියක් නොවන්නට නම් ගොයම් කැපිය යුත්තේ කුමන අවස්ථාවේ ද යන්න සම්බන්ධව ගොවි ජනතාවට දැනුමක් ලබා දීමටත් පියවර ගත යුතු බව ද අමාත්‍යවරයා සඳගන් කර තිබේ.
373 Views
Comments