මුහුදු හක් බෙල්ලන් 3200ක් පොලිස් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
21

මුහුදු හක් බෙල්ලන් 3200ක් පොලිස් අත්අඩංගුවට

මුහුදු හක් බෙල්ලන් 3200ක් පොලිස් අත්අඩංගුවට

කල්පිටිය අල්මනාර් ප්‍රදේශයේ නිවසක අනවසරයෙන් ගබඩා කර තිබූ මුහුදු හක් බෙල්ලන් 3200ක් අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.

 

විවිධ ප්‍රමාණයේ මුහුදු හක් බෙල්ලන් තොගයක් ගෝණි 40ක අසුරා තිබී ඇති අතර ඒ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකුද අත් අඩංගුවට ගෙන තිබේ.

 

කල්පිටිය පොලිස් විශේෂ කාර්‍යාංශයට ලද තොරතුරකට අනුව කල්පිටිය පොලිසියේ පොලිස් පරීක්ෂක ශාන් මුණසින්හ මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කොට ඇති අතර එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 26,28 වන කල්පිටියේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

views

257 Views

Comments

arrow-up